ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
වාහන අංක තහඩුව නිකුත් කිරීම
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
About Us
ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම | එස්.සී.වීරකෝන් |
| රැකියා ඉතිහාසය |
|
|
ගණකාධිකාරි |
||
![]() |
නම | ආර්.එම්.බී.වීරබණ්ඩාර |
| රැකියා ඉතිහාසය |
|
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) |
||
![]() |
නම | එස්.එම්.ඩබ්.ඩී. අමරසිංහ |
| රැකියා ඉතිහාසය |
|
|
පරිපාලන නිලධාරී |
||
| නම | කේ.එම්.කේ.පී.රත්නායක මිය | |
| රැකියා ඉතිහාසය |
|
|
2020 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය:
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | |||
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | ||||
| ගණකාධිකාරී | 01 | 01 | - | |||
| සහකාර අධ්‍යක්ෂ - සැලසුම් | 01 | 01 | - | |||
| පරිපාලන නිලධාරී | 01 | 01 | - | |||
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | |||
| රාජ්‍ය කළමනාකරණ සේවය | 25 | 23 | 02 | |||
| රියදුරු | 02 | 02 | - | |||
| කාර්යාල සහායක | 04 | 06 | - | |||
| තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන සහයක | 01 | 01 | - | |||
අපගේ දැක්ම
කාර්යක්ෂම හා ඵලදායී ලෙස සේවාලාභීන් වෙත සේවාවන් සැලසීම තුලින් රාජ්‍ය සේවයේ විශිෂ්ඨත්වයට පත්වීම.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම.
ප්‍රවේශ මාර්ගය
මොනරාගල නගරයේ සිට අම්පාර A4 ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 07 ක් පමණ පැමිණෙන විට ඔබ්බේගොඩදි දඹගල්ල හංදියෙන් වමට හැරි මාරිඅරාව පාර ඔස්සේ කිලෝ මීටර 6.5 ක් පමණ පැමිණෙන විට දඹගල්ල නගරයට මීටර 150 කට පමණ පෙර පාරේ දකුණු පසින් මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පිහිටා තිබේ.
මොනරාගල නගරයේ සිට බසයක පැමිණෙන්නේ නම් මාරිඅරාව, මීගහපිටිය, තඹාන, බදුළුවෙල යන බස්රථ වල පැමිණිය හැක.
සෙසු ප්‍රවේශ මාර්ග:-
- බිබිල සිට (කි.මි.16ක්) හෝ මොණරාගල සිට (කි.මී.24ක්) මැදගම නගරයට පැමිණ මැදගම ජාතික පාසල ඉදිරිපස මාර්ගයේ කිලෝ මිටර 14ක් පැමිණි විට දඹගල්ල නගරය හමුවේ. එහි මොණරාගල පාරේ මීටර 150 ක් පමණ දුරින් පාරේ වම් පසින් මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා තිබේ. මෙම මාර්ගය ඔස්සේ බිබිල සිට දඹගල්ල හරහා මීගහපිටිය දක්වා බස් රථයක් ද ධාවනය වේ.
- සියඹලාණ්ඩුව - අම්පාර මාර්ගයේ 4 කනුව හෝ 6 කනුව යන ස්ථානයකින් හැරී මුතුකණ්ඩිය ජලාශයේ බැම්ම මතින් දිවෙන අතුරු මාර්ගය ඔස්සේ අළුගල්ගේ, පොල්ගහගම හරහා (කි.මී. 7ක් පමණ) මාරිඅරාව වෙත පැමිණිය හැක. එහි සිට කිලෝ මීටර 13ක් පමණ පැමිණි විට දඹගල්ල නගරය හමු වේ.
පිහිටීම මුල්කරගත් තොරතුරු
මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලංකාවේ ඌව පළාතට අයත් මොනරාගල දිස්ත්‍රික්කයේ උතුරු දෙසට මායිම්ව පිහිටි වර්ග කිලොමීටර් 675 කින් සමන්විත වූ දිස්ත්‍රික්කයේ දෙවන විශාලතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වේ.
උතුරින් රඹකැන් ඔයෙන්ද නැගෙනහිරින් ඉගිණියාගල සේනානායක සමුද්‍රයෙන්ද බටහිරින් ගල්ඔය ජාතික වනෝද්‍යානයෙන් හා දකුණින් හැඩ ඔයටද මායිම්ව මෙම ප්‍රදේශය පිහිටා ඇත.
ජනගහනය 37788ක් වූ මඩුල්ල ප්‍රාදෙශීය ලේකම් කොට්ටාසය ග්‍රාම නිලධාරී වසම් 38 කට බෙදා වෙන් කර ඇති අතර ගම්මාන සංඛ්‍යාව139 කි .
ශ්‍රී ලංකාවේ උතුරු අක්ෂාංශ 81 -19 ක් 81-29 ත් අතර හා නැගෙනහිර දේශාංශ 6-57ත් 7-28 ත් අතර මොනරාගල දිස්ත්‍රික්කයේ උතුරු දෙසට මායිම්ව පිහිටි මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උන්නතාංශය අඩි 300-2800 පමණ දක්වා විහිදෙන අතර භූමිය උතුරු දකුණු දිශානුරූපීව පැතිර තිබේ. භූමියේ මධ්‍යම ප්‍රදේශය හැර අනෙකුත් සියළු ප්‍රදේශ රැළි සහිත හා තැනින් තැන පිහිටි හුදකලා ගල් සහිත කදු වලින්ද යුක්තවේ.එම කදුවැටි අතර ගල්ඔය, නිල්ගල, රතුගල, දානිගල හා මරගල කදුවැටි වැදගත්වේ.
වර්ෂයේ අඩකටත් වැඩි කාලයක් වැසි නොලැබෙන වියළි කාලගුණයක් පවතින මඩුල්ලට වැසි ලැබෙනුයේ ඊසානදිග මෝසමෙනි . කොට්ඨාසයේ මුළු භූමි ප්‍රමාණයෙන් 40% ක් ම පාහේ පැතිර පවතින්නේ අන්තර් මාධ්‍ය පහත් දේශගුණය වන අතර රඹකැන් ඔය හැඩ ඔය නාමල්ඔය වැනි ජල ධාරාවන්ගෙන් හා කුඩා පරිමාන ජලාශයන් කිහිපයකින්ද ප්‍රදේශය ජලයෙන් පෝෂණය කරනු ලබයි .
මීට අමතරව ඉගිණියාගල සේනානායක සමුද්‍රය අම්පාර දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටියද විශාල වශයෙන් ආර්ථික මෙන්ම පාරිසරික සම්පතකි . එහි විශාලත්වය අක්කර 19250 කි .
මුළු භූමි ප්‍රමාණයෙන් 48%ක් පමණ විවිධාකාරයේ වන වගාවන්ගෙන් යුක්ත වූද ප්‍රාථමික කෘෂිකාර්මික ආර්ථික රටාවකින් සංකලණය වූද සමාජ ආර්ථික සංස්කෘතික පසුබිමක් සහිත දැඩිලෙස නාගරීකරණය නොවූ පාරිසරික වටපිටාවකින් යුක්ත භූමි ප්‍රදේශයක් වශයෙන් මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හදුන්වාදිය හැකිය.
මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෘෂි දේශගුණික කළාප 04ක් ඔස්සේ හදුනාගත හැකිවේ. ඉන් වියළි කළාපීය පහතරට කෘෂි දේශගුණය ප්‍රදේශයේ උතුරු කොටසේ දක්නට ලැබෙන අතර මෙම කළාපයේ වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය අගල් 35 ට අඩුය වර්ෂයේ මාස 06 ක් වියළි දේශගුණයෙන් යුක්තවේ.මධ්‍ය මඩුල්ල හා වයඹ කොටස අන්තර් මාධ්‍ය පහතරට කෘෂි දේශගුණික ලක්ෂණ වලින් යුක්තවේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අගල් 45 ක් පමණ වේ. නිරිතදිග මඩුල්ල ඉහල දේශගුණයේ පරිවර්තන ලක්ෂණ පෙන්නුම් කෙරෙන කළාපයකි . දකුණු මඩුල්ලෙහි බටහිර කළාපය මැදරට හා අන්තර් මාධ්‍ය මැදරට දේශගුණික ලක්ෂණ පෙන්වයි. මෙහි වර්ෂාපතනය වාර්ෂික අගල් 50-55 දක්වා වෙනස් වනු ලැබේ. වියළි දේශගුණික කළාප තුළ ගැඹුරු රතුදුඹුරු සාරවත් පස ව්‍යාප්තව ඇති අතර අන්තර් දේශගුණික කළාපවල රතු කහ පස් සහ පහත් බිම් ආශ්‍රිතව දියළු පස ව්‍යාප්තව ඇත ප්‍රදේශය තුළ ව්‍යාප්තව ඇති පස කෘෂිකාර්මික කටයුතු වලට ඉතාමත් උචිත වන අතර ඉතා ඉක්මනින් සෝදා පාළුවට ලක්වන බවත් හදුනාගත හැකිය.
මෙතෙක් සේවය කළ ප්‍රාදේශීය ලේකම්වරු
| Name | From | To |
| වයි.බී.පුස්සදෙනිය | ||
| ඩී.එම්.නන්දිසේන | ||
| ජී.බී.විජයසිංහ | ||
| එන්.එම්.වී.අබේවික්‍රම | ||
| එම්.සුමනදාස | ||
| කේ.එම්.පී.තෙන්නකෝන් | 1979.07.01 | 1988.02.08 |
| ඩී.එම්.එස්.අභය ගුණවර්ධන | 1988.02.09 | 1992.08.20 |
| එච්.ඒ.ආරියදාස | 1992.08.21 | 2002.05.15 |
| එම්.ජී.ඒ.තිලකරත්න | 2002.05.16 | 2011.08.07 |
| අ.ගෙ.ර.මු.ජයතිලක | 2011.08.08 | 2012.07.10 |
| කේ.එච්.ඒ.කේ.නිශාන්ත(වැ.බ) | 2012.07.10 | 2012.08.22 |
| ආර්.එම්.ආර්.එස්.තිලකරත්න | 2012.08.23 | 2018.08.01 |
| එස්.සී.වීරකෝන් | 2018.08.02 |
























